2004 දෙසැම්බර් 26 කියන්නේ ගොඩක් අයට අමිහිරි මතකයන් ගොඩක් ඉතිරි කරලා ගියපු දවසක්.. එහෙම මතක තියෙන කෙනක් නම් මේක බලන්න පටන් ගන්න කලින්ම කියන්නේ ඔයා කැමතිනම් විතරක් කියවන්න..(මම ඒ දවස මතක් කරලා වැරද්දක් කරා නම් සමාවෙන්න )
එතකොට මං හිටියේ 13 වසරේ..
එතකොට මං හිටියේ 13 වසරේ..
ගෙදර ඉඳන් පන්ති වලට යන්න එන්න අමාරු නිසා ඉස්කෝලේ කිට්ටුව බෝඩිමක තමයි නැවතිලා හිටියේ..
දෙසැම්බර් 25 කියන්නේ සෙනසුරාදා දවසක් ..එදා පෝය දවසක්, ඒ වගේම නත්තල් දවස...මතක ඇති කාලෙකට නත්තල් දවසයි පෝය දවසයි එකම දවසකට වැටුනේ එදා ..
ඉතින් එදා මම ගෙදර හිටියේ..රෑ වෙනකම් ටී වී බැලුවා..මට හොඳට මතකයි නත්තල් කැරොල් වැඩසටහනක් තිබුණා. ඒකෙ අය සින්දු කියනකොට මාත් කිව්වා.
ඉතින් එහෙම කිය කිය ඉඳල අපේ අම්මගේ බාසාවෙන් කියනවනම් ටී වී එකේ ජාතික කොඩිය වැනෙනකම් ඉඳලා ජාතික ගීයත් කියලා තමයි නිදාගන්න ගියේ
ඇඳට වැටුන විතරයි අනිත් පැත්තට අම්මගේ එලාම් ඒක වදින්න ගත්තා.
" චූටි නෝ....නා... පහමාරයි අද පන්ති යන්නේ නැද්ද...."
" චූටි නෝ....නා... පහමාරයි අද පන්ති යන්නේ නැද්ද...."
මට ඇහිලා තියෙන්නේ දෙවෙනි එලාම් එක ..පලවෙනි එක වදින්නේ 5.15 ට විතර..
6 ට හරි , 6.15 ට තියෙන බස් එකේ යන්න බැරිඋනොත් පන්තියේ පේලි අල්ලනවා බොරු..අපේ සෙට් එකේ එකෙක් හරි කලින් ඇවිත් තිබුනොත් හොඳයි..නැත්නම් එක එක්කෙනා එක එක තැන්වල ඉන්නකොට තියෙන හිතේ අමාරුව දන්නෝ දනිති...
හැමදාම වගේ අම්මටයි, පන්තියේ සර්ටයි , ඒ ලෙවල් කියලා විභාගයක් තියන ඔක්කොම එවුන්ටයි හිතෙන් බැන බැන නිදිමතේම ගිහින් මුණ කට හෝදගෙන විනාඩි 10 කින් විතර ඇඳ පැළඳගෙන පන්තියටත් ගියා කියමුකෝ. අපේ පන්තිය තියෙන්නේ තට්ටු 3 ක ගොඩනැගිල්ලක 2 වෙනි තට්ටුවේ.
සර් අපට ගණන් වගයක් හදන්න දීල කොහෙද ගියා..
ඒ වෙලාවේ අංකල් කෙනෙක් ආවා එයාගේ දුව අපේ පන්තියේ ඉන්නවද කියලා බලන්න..එයා දැනගෙන හිටියේ නෑ හරියටම එයාගේ දුව ඉන්නේ මොන පන්තියේද කියලා..ඒ නිසා හැම මැත්ස් පන්තියකම හොයලා.එහෙම හොයාගෙන යන ගමන් තමයි අපේ පන්තියට ඇවිත් තිබුනේ.
"මුහුද ගොඩ ගලනවා, එයාට ගෙදර එන්න එපා කියන්න ආවේ මම "
ඒ අංකල්ගේ දුව අපේ පන්තියේ හිටියේ නෑ.තව පන්ති තියෙන තැන් වගයක් අපේ පන්තියේ ළමයින් ගෙන් අහගත්ත ඒ අංකල් යන්න ගියා.
දැන් ගණන් හැදිලි පැත්තක..කට්ටියටම ප්රශ්නේ මේක..හැමෝටම ඒක විහිළුවක් වගේ වෙලා තිබුණේ..
"මුහුද ගොඩ ගලනවලු, අපේ අර ඉස්සර සිංහල පොතක තිබුණ වගේ මේ පාර කාව බිලි දෙන්න වෙයිද දන්නෑ" කට්ටියම හිනා වෙවී ඒක ගැන කතා කර කර හිටියා. ටික වෙලාවකින් පහලින් ලොකු සද්දයක් ඇහෙන්න ගත්තා.
සර් (රු) ත් කොහේදෝ ඉඳල ඒක පාරටම පන්තියට ආව.
"මුහුද ගොඩ ගලනවා, ඔයාල ගෙවල් වලට යන්න "
මොකද මේ වෙන්නේ කියල අපට හිතාගන්න බැරිඋනා. ලොකු බයක් දැනුනම මගේ පපුව හිරවෙන්න වගේ ගන්නවා. මට ඒ වෙලාවෙත් එහෙම උණා. මුළු පන්තියම දැන් ඒක රොත්තට පඩිපෙළ බහිනවා. මාත් ඒ අස්සෙන් කොහොමහරි පහලට බැහැගත්තා..
ප. ලි : කතාව ටිකක් දිගයි, ඉඩක් ලැබුණ ගමන් ඉතුරු ටික ලියන්නම්
අනේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරල අකුරු සූට්ටක් ලොකු කරන්නකො.කියවන්න අමාරුයි!
ReplyDeleteඔය කියපු දේ නම් මටත් හිතුණා..ඒත් අකුරු ලොකු වැඩිවෙයි කියල හිතල දැම්මේ නෑ.
ReplyDeleteදැන් හරි ඇති මං හිතන්නේ..
දැන්නම් කියවන්න පුළුවන් අක්කෙ..ඉක්මනට ඉතුරු ටිකත් ලියන්න.මම නම් සුනාමි දවස්වල ගොඩක් පොඩියි.මං හිතන්නෙ දෙක වසරෙ විතර.
Delete